පාස්කු දා එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයන බව පවසමින් ආණ්ඩුව සිදුකරන බොරුවක් සම්බන්ධයෙන් රටට විශේෂ හෙළිදරව්වක් අද සිදු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයන බවට අඟවමින් බොරුවක් තිර රචනයකොට පළාත් පාලන මැතිවරණය ඉලක්කකොට ගනිමින් නාටකයක් රඟ දැක්වීමට සූදානම් වන්නේ යැයිද හෙතෙම චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් සියලු සාක්ෂි සහිතව අද දිනයේදී විශේෂ හෙළිදරව්වක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ හෙළිදරව්ව සිදු කිරීමට නියමිතය.