ජනාධිපතිවරයා අයවැය කථාවේදී ප්‍රකාශ කළ කරුණු හා ඊට අදාළ ලේඛන අතර පරස්පරතා නිරීක්ෂණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එම පරස්පරතා අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, ඉදිරිපත් කරන ලද අයවැය ලේඛණය සම්බන්ධයෙන් එම සංගමයේ විශේෂිත හදිසි විධායක කමිටු රැස්වීමක් ඊයේ පැවැත්වූ බවයි.
ජනාධිපතිවරයාගේ අයවැය කථාව තුළ ප්‍රකාශිත කරුණු හා කථාව අඩංගු ලේඛන අතර මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය අතර යම් පරස්පරතා නිරීක්ෂණය වී ඇති බැවින් ඒ සම්බන්ධව නිශ්චිත අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කළ බව එහි සඳහන්.
එම වාර්තාව එළඹෙන අඟහරුවාදා ලබා ගැනීමට තීරණය වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් එළඹෙන 19 වැනිදා කැඳවීමටද තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.



