Homeදේශීයජනපති ඉවත් කරන්න පුළුවන් සාගර කියයි.

ජනපති ඉවත් කරන්න පුළුවන් සාගර කියයි.

රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා මනෝ විකල් තත්ත්වයකින් කටයුතු කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂාභියෝගයක් හරහා ඔහුව ධුරයෙන් ඉවත් කළ හැකි බවයි.

පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් තුළින් ඔහුගේ සිහිබුද්ධිය පිළිබඳ ගැටලුව පැහැදිලි වූ බව ද සාගර කාරියවසම් මහතා කියා සිටියා.

එහිදී කිසිදු නව බද්දක් පනවා නොමැති බවත්, බලයට පත්වන විට පැවති බදු ප්‍රමාණයම ඉදිරියට පවත්වාගෙන ගිය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බව ඔහු පෙන්වා දුන්නා.

සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු බදු රැසක් ඉහළ නංවා ඇති අතර නව බදු ද හඳුන්වා දී ඇති බවයි.

එම ප්‍රකාශයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට නිසි අවබෝධයක් නොමැති බව පැහැදිලි වන බව ද ඔහු චෝදනා කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments