Homeදේශීයඥානසාර හිමිගේ සිවුර සහ කාවන්තිස්සගේ මරණය යට ආර්ථික ප්‍රශ්න අමතක නොකරන්න

ඥානසාර හිමිගේ සිවුර සහ කාවන්තිස්සගේ මරණය යට ආර්ථික ප්‍රශ්න අමතක නොකරන්න

පවතින කාලීන ප්‍රශ්න හමුවේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අමතක නොකරන්නැයි ඉල්ලා සිටිමින් දිනන දකුණ සාමූහිකය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය.
2026-10-19

ශ්‍රී ලංකාව 2027 දී නැවතත් තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින අවස්ථාවක 2026/27 අයවැය ප්‍රතිපත්තිය සහ පශ්චාත් IMF ගිවිසුමෙන් යුගය වෙළඳපල-මුල් කරගත් මූලධර්ම මත රැදී සිටිමින් ජනතාවගේ ආදයම් තත්වය ඉහල දමන වර්ධන ප්‍රතිපත්තියකට යොමුවන ලෙස වර්තමාන රජයට අවධාරණය කරනු ලබයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුළුල් අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන 2027 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව ඇති පසුබිමක සහ 2026/27 ජාතික අයවැයේ ගමන් මඟ සමාලෝචනය කරන මොහොතක, දිනන දකුණ සාමූහිකය විසින් සමස්ත සමාජයම සහ ප්‍රතිපත්ති සම්පාදකයින් දැඩි අවධානයට යොමු කරනු ලබන්නේ අප ළඟා වී ඇති තීරණාත්මක ආර්ථික හැරවුම් ලක්ෂ්‍යය වෙත දැඩි අවධානයක් යොමු කරන ලෙසටය.

මෑතකදී සමාජය ඉදිරියට පැමිණි ඥානසාර හිමිට අදාල කතිකාව හෝ කාවන්තිස්ස ඇතු ජීවිතක්ෂයට පත්වීම අරබයා ඇතිවී තිබෙන සමාජ කථිකාව හේතුවෙන් රටේ ආර්ථිකයේ අනාගතය පිලිබදව ගොඩනැගිය යුතුව තිබෙන කතිකාව සමාජ අවධානයෙන් ගිලිහී යාමට ඉඩ නොදිය යුතු බවට දිනන දකුන සාමූහිකය දැඩි ලෙස අවධාරණය කොට සිටී.

මේ වන විට අප රටක් ලෙස අසීරුලෙස වසර හයක් තිස්සේ ආණ්ඩු දෙකක් හරහා දිනාගත් ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිඵල කෙටි කාලීන බලදේශපාලනික අරමුණු සදහා පාවා නොදීමට වගබලා ගත යුතුව තිබේ.

එසේම අප රටක් ලෙස අනාගතයේදී මුහුණ දීමට හදුනාගෙන ඇති ව්‍යුහාත්මක පරිවර්තනයන් සදහා පසුගිය වසර හතර තුල අනුගමනය කරනු ලැබු දක්ෂිනාංශික ආර්ථික ප්‍රතිපත්තීන්හි වැදගත්කම අප නැවත නැවතත් අවධාරණය කොට සිටී.
පසුගිය රජයන් කිහිපයක් හරහා එසේ ලබාගත් ආර්ථික ජයග්‍රහණ තවදුරටත් ආයතනීකරණය කිරීම අත්‍යාවශ්‍යවී තිබේ.

ඒ සදහා ආර්ථික පරිවර්තන පනතේ සඳහන් ඉලක්ක තවදුරටත් ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් සාර්ව ආර්ථිකයක් ගොඩනැංවීමටත් අපගේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවක් තහවුරු කර ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස අප සාමූහිකය විශ්වාස කරයි.

අතීතයේ සිදු වූ ආර්ථික බිඳවැටීම් නිරන්තරයෙන්ම ඇති වූයේ විනයගරුක නොවූ මූල්‍ය මෙහෙයුම් සහ ජනප්‍රියවාදී මුදල් මුද්‍රණය කිරීම් හේතුවෙනි.

මහජන මූල්‍ය කළමනාකරණ පනත සහ මහ බැංකු පනත යටතේ අයවැය හිඟය සඳහා මහ බැංකුවෙන් සෘජුවම මූල්‍ය සම්පාදනය කිරීම නීතිමය වශයෙන් තහනම් කර ඇති පසුබිමක උද්ධමනකාරී මුදල් මුද්‍රණය කිරීමේ යුගය අප අවසන් කර තිබේ. නමුත් තවමත්
කෙටිකාලීන මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා මෙම මූල්‍ය රාමුව වෙනස් කිරීමට දරන ඕනෑම දේශපාලන උත්සාහයකට එරෙහිව පුරවැසියන් සහ සිවිල් සමාජය එක්ව ක්‍රියාත්මක විය යුතුව තිබේ.

එසේම වර්තමාන රජය කතා කරනු ලබන හුදු සාර්ව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසාර, අපනයන-මුල් කරගත් වර්ධනයක් කරා ගමන් කිරීමට සහ සජීවී විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව මෙම තීරණාත්මක සංක්‍රාන්ති අවධියේදී කටයුතු කල යුතුව තිබේ.

ඒ සදහා අපනයන-මුල් කරගත් තරගකාරීත්වය සහ වෙළඳ පල ලිබරල්කරණයට යොමුවෙමින් නිලධාරීවාදී තීරුබදු බාධක ඉවත් කිරීම, අපනයන විරෝධී නැඹුරුව අවම කිරීම සහ කලාපීය වෙළඳ අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම මඟින්, ආනයන ආදේශන ප්‍රතිපත්තියෙන් බැහැර වී ගෝලීය වෙළඳපල ඒකාබද්ධතාවය කරා ගමන් කිරීම අත්‍යවශ්‍යව තිබේ.

මූල්‍ය කාන්දුවීම් වළක්වා ගැනීමට සහ වෙළඳපල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සදහා රාජ්‍ය සතු ව්‍යවසායන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිර්භීත දේශපාලන තීන්දුවකට ජාතික එකගතාවයකින් යුතුව වර්තමාන ආණ්ඩුව එලඹිය යුතුව තිබේ.

ඒ යටතේ උපායමාර්ගික ආයතන ප්‍රතිසංස්කරණය, සංස්ථාගත කිරීම සහ උපායමාර්ගික රජයේ-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) හෝ පෞද්ගලීකරණය වේගවත් කිරීම අත්‍යවශ්‍යව තිබේ.
එසේම ජාතික අර්බුදයක් බවට පත්වී ඇති සැඟවුණු මූල්‍ය හිඟයන් වැළැක්වීම සහ විනිවිදභාවයෙන් යුත් සම්පත් වෙන් කිරීමක් සහතික කිරීම, වෙළඳපල පදනම් කරගත්, පිරිවැය පිලිඹිබු වන මිලකරණ ක්‍රමවේද අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා තව දුරටත් කැපවීම අවශ්‍යවී තිබේ.

දැනුම- මූලික (knowledge-based) ආර්ථිකයක් පෝෂණය කිරීම සඳහා අධ්‍යාපනය, තාක්ෂණික පුහුණුව සහ ආයතනික රාමු ප්‍රතිසංස්කරණය කිරීම, ගෝලීය ප්‍රමිතීන්ට සහ ඩිජිටල් පරිවර්තනයට ශ්‍රම බලකායේ කුසලතා අනුගත කිරීම සදහා අප රටක් වශයෙන් ප්‍රමාද බව දනිමින්ම ඒ සදහා දැවැන්ත ආයෝජනයක් සිදු කරන ලෙස රජයට බලකොට සිටී.

අප අවධාරනය කරන්නේ විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂනය සඳහා පසුගාමීත්වයක් පවතින තත්වයක් තුල ඊට පූර්වගාමීව දේශීය පෞද්ගලික ආයෝජනවලට මූලිකත්වය ලබා දෙන ඒ සදහා සානුබල සපයන පරිසරයක් නිර්මාණය කරන ලෙසටය.

එමඟින් දිගුකාලීන විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ආයෝජක ඉතිහාසයක් ගොඩනැඟීමට හේතුවනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඉහත සදහන් සියලු ජයග්‍රහණයන් දිනාගත හැකිවන්නේ දැනට අප දිනාගෙන සිටින සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ සිට “ඉහළ නංවන ලද ඵලදායිතාවක්” සදහා රට ගමන් කරවීමේ පුළුල් ආර්ථික රාමුවකට අප රටක් ලෙස ප්‍රවිශ්ඨ වන්නේ නම් පමනක් බව අප සාමූහිකයේ විශ්වාසයයි.

බිම් මට්ටමේ සිටින පුරවැසියන් තවමත් තමන්ගේ සැබෑ ආදායම්වල අගහිගබව හේතුවෙන් දැඩි පීඩනයන් අත්විඳිමින් සිටින තමන්ගේ
ජීවන වියදම් පීඩනයට විසඳුම වන්නේ නැවත වරක් උද්ධමනය පෝෂණය කරන සහය නොලබන මූල්‍ය ආධාර ලබා දීම නොව, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ධනය නිර්මාණය කිරීම කරා නොපසුබටව උත්සාහ කිරීම බව දිනන දකුන සාමූහිකය අවධාරණය කොට සිටී.

ඒ සදහා අප සාමූහිකය යෝජනා කරන්නේ කෘෂිකර්මාන්තය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) යන අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර නවීකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් එම ක්ෂේත්‍රයන් සමස්තයක් ලෙස ඒවායේ පලදායකත්වය වර්ධනය කල යුතු බවය.

අප සාමූහිකය සැබෑ ආර්ථික පරිවර්තනයක් ලෙස අවධාරණය කරන්නේ මෙවැනි ප්‍රවිශ්ඨයකි.

ඒ සඳහා බල දේශපාලනයෙන් ඔබ්බට යාමට අවශ්‍ය වන්නේය.

අප වර්තමාන රජයට ආයාචනය කොට සිටින්නේ මෙතෙක් රැකගෙන ආ සාර්ව ආර්ථික ප්‍රවිශ්ඨය තුල තව දුරටත් රැදී සිටින ලෙසටය.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments