විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට ගෙන එන එක් තර්කයක් ලෙස බලධාරීන් පෙන්වා දෙන ගොඩ ගැසී ඇති විශාල නඩු ප්‍රමාණය අඩු කිරීමට බව යැයි පැවසීම අසත්‍යක් බව ජනාධීපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ප්‍රමාද වී ඇති නඩු ලක්ෂ ගණනින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ හා දිසා අධිකරණවල බවයි.
ඒවායේ කටයුතු කරන මහේස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන් වයස අවුරුදු 30 ත් 50 ත් අතර පසුවන අය බැවින් ඔවුන්ට විශ්‍රාම යෑමට විශාල කාලයක් පවතින බැවින් නඩු ඉක්මනින් අවසන් කිරීමේ තර්කය ඒවාට අදාළ නොවන බව සාලිය පීරිස් මහතා පෙන්වා දෙනවා.
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇති බව පවසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට කටයුතු කිරීම කිසිසේත්ම සුදුසු නොවන බව ඔහු සදහන් කරනවා.
කිසිදු ආණ්ඩුවක් සදාකාලික නොවන බව පෙන්වා දෙන සාලිය පීරිස් මහතා පවසන්නේ මෙම වැරදි පූර්වාදර්ශය අනුව යමින් මින් අනතුරුව බලයට එන ආණ්ඩුද අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම්වන ආකාරයෙන් කටයුතු කිරීමේ අවධානමක් පවතින බවයි.
ඒ අනුව විනිසුරු විශ්‍රම වයස අවුරුදු 75 කිරීම සුදුසු යැයි තවත් රජයක් කල්පනා කළහොත් හෝ විනිසුරු විශ්‍රාම වයස් සීමාව පහළ දැමිය යුතු යැයි තවත් රජයක් කල්පනා කර ක්‍රියාකළහොත් එම ක්‍රියාවලියට මෙම වැරදි පූර්වාදර්ශය උපකාර වනු ඇති බවයි සාලිය පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ.
විශ්‍රාම යෑමට වසරක් තිබියදී සිම්බාබ්වේ රාජ්‍යයේ අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යෑමේ වසස් සීමාව වසර 5 කින් දීර්ඝ කිරීමේ එරට රජයේ තීන්දුවෙන් පසුව අධිකරණය කෙරෙහි පැවති මහජන ගෞරවය බිදවැටුණු බවත් එවන් කළු පැල්ලමක් මෙරට තුළ ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් මාධ්‍ය අමතමින් සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියා.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට අමතරව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥයින් පිරිසක් සහභාගීවී සිටියා.



