සමාජ මාධ්‍යයේ පුද්ගලික දේ පල කිරීමේ නීතිය පිළිබඳව සහ පසුගියදා පුද්ගලයෙක් සියදිවි නසා ගන්නා ආකාරය සමාජ මාධ්‍යයේ සජීවීව ප්‍රචාරය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර අදහස් පළ කරන ලදී.
ඒ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ දත්ත ආරක්ෂණ නිළධාරීන්ගේ කාර්‍යභාරය සහ වගකීම් පිළිබඳව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිළධාරින් දැනුවත් කිරීමේ වැඩමුළුවකට කොළඹදී එක්වෙමිනි.
අපගේ පුද්ගලික දත්ත සහ සංවේදි තොරතුරු වෙනත් ආයතනයක් වෙත ලබා දීමේ නිතිමය තත්වය සහ එම දත්ත අවභාවිත කිරීම පිළිබදව සහ
පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයක් වැරදි ලෙස භාවිත කලහොත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී කරුණුහ් පැහැදිලි කෙරිණ.
ආචාර්ය තුසිත අබේසේකර පැවසුවේ
අපගේ තොරතුරු ඉල්ලා සිටින ආයතන (රෝහල්, සුපිරි වෙළඳසැල්, බැංකු , රාජ්‍ය ආයතන) එම දත්ත පිළිබදව අනුගමනය කල යුතු ආරක්ෂණ ක්‍රමවේදයන් පවතින බවයි.
තොරතුරු තාක්ෂණ,නීති,
ව්‍යාපාරික,මානව සම්පත් කළමනාකරණ සහ තොරතුරු නිළධාරීන් ඇතුළු කේෂ්ත්‍ර රැසක විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



