Homeදේශීයයුද්ධය නිසා අපනයනයට ලොකු බලපෑමක්

යුද්ධය නිසා අපනයනයට ලොකු බලපෑමක්

මේ වන විට නිර්මාණය වී ඇති යුද වාතාවරණය යටතේ මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ තේ සහ අනෙකුත් අපනයනවලට බාධා
එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 6 පමණ ප්‍රමාණයක් යැවෙන අතර ඉන් හිමිවන ආදායම ඩොලර් බිලියන 1ක් පමණ වේ. එම අපනයන ප්‍රමාණයෙන් ඩුබායි රාජ්‍යයට සියයට 31ක් ද, සෞදි අරාබියට සියයට 18ක් ද ඉරාකයට සියයට 12ක් වාර්ෂිකව අපනයනය කෙර්.

ඉන් සියයට 50ක් පමණ වන්නේ තේ ය. වසරකට ඩොලර් මිලියන 1500ක පමණ තේ ලොව පුරා රටවලට අපනයනය කරන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් 530ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනුයේ මැද පෙරදිග කලාපයටය.

තේ අපනයනයට අමතරව ආහාරපාන, පොල් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ද මැද පෙරදිග කලාපයට අපනයනය කෙරේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments