Homeදේශීයතෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල වෙයි

තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල වෙයි

ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.

මෙම ප්‍රහාරවලින් පසු අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව ද ඔවුන් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් මෙම වාර්තා තහවුරු කර නොමැත.

බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සිය දෛනික වාර්තාව මගින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවය.

එහිදී හඳුනා නොගත් ප්‍රහාර පතිත වීමෙන් නෞකා දෙකක ගින්නක් හටගෙන ඇති බව එම ආයතනය තහවුරු කර ඇති නමුත් එම නෞකා කුමන රටකට අයත් ඒවාද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බ සඳහන් වේ.

මෙම ප්‍රහාර එල්ල වී ඇත්තේ පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී බව විදෙස් මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ.

ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා භාවිතා කරන වැදගත්ම මුහුදු මාර්ගයක් ලෙස සැලකෙන මෙය, ජාත්‍යන්තර වෙළෙඳාමේ තීරණාත්මක මංසන්ධියකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments