පාර්ලිමේන්තුවේ පළපුරුදු සේවක සේවිකාවන් 20කට ආසන්න පිරිසක් පසුගිය කාලසීමාව තුළ සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවලට ගොස් ඇතැයි වාර්තා වේ.
නීතිඥවරියක ලෙස සේවය කළ තවත් නිලධාරිනියක ද 26 දින පාර්ලිමේන්තු සේවයට සමු දී තිබේ.
පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ දීමනා සහ පහසුකම් සෙසු ක්ෂේත්‍රවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩුවීම හේතුවෙන්, සේවකයන් මෙලෙස වෙනත් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එහි උසස් නිලධාරීහු පිරිසක් පැවසූහ.
පාර්ලිමේන්තු සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව (Leave Encashment) පසුගියදා අහෝසි කිරීම ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
අදාළ දීමනාව නැවත ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු සේවකයන් දැඩි වෘත්තීය අරගලයක යෙදුණ ද, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් එකඟතාවක් ලැබී නොමැත.



