Homeදේශීයමන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලවයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලවයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇත.

මේ පිළිබඳව පෙබරවාරි 06 වන දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ එම පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවය.

අදාල නඩුකරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ගොනු කර ඇත.

හිටපු මන්ත්‍රීවරුන් 316කට, හිටපු මන්ත්‍රිවරුන්ගේ වැන්දඹු බිරින්ඳෑවරුන් 165කට සහ ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 4කට මන්ත්‍රී විශ්‍රාම වැටුප් මේ වන විට ලබා දෙන අතර ඒ සඳහා මසකට රුපියල් මිලියන 33ක් පමණ වියදම් කරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments