ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සිය දැඩි විරෝධය පළ කර සිටියි.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳව දැනටමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවයි.
වෙන්නප්පුව සහ වෙල්ලමන්කරය ප්‍රදේශවලින් පිටත්ව ගිය යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකු මෙරට මුහුදු සීමාව තුළ දී ඉන්දීය වෙරළ ආරක්ෂකයින්ගේ අමානුෂික ප්‍රහාරයට ලක් වන්නේ පසුගිය 29 වැනිදා ය.
ඉන්දීය වෙරළ ආරක්ෂකයින් මෙම ප්‍රහාරය එල්ල කරන්නේ ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලා යළි දිවයිනට පැමිණෙමින් සිටිය මෙම ධීවර කණ්ඩායමටය.



