පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, සංචාරක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.
පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූ ඒ මහතා, පානදුර නගර සභාවේ නගරාධිපති ධුරය ද හොබවනු ලැබුවා.
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.



