Homeදේශීයඅරගලයේ මනෝජ්ට ලැබුණ තනතුර

අරගලයේ මනෝජ්ට ලැබුණ තනතුර

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට 1989 වර්ෂයේදී එක් වූ ඒ මහතා වැඩබලන දිසා කොමසාරිස්වරයෙකු, බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කර තිබේ.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා ජාතික මානවක සමුළුවේ සංවිධායක කමිටු සාමාජිකයෙකු, ජාතික කබෝරියේ ජාතික සංවිධායක කමිටු සාමාජිකයෙකු ආදී තනතුරු රැසක් දරමින් මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ සුවිශේෂ මෙහෙවරක් ඉටු කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments