චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිනයේ දී දිවයිනට පැමිණියා.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අප්‍රිකානු රටවල් හතරක සංචාරයක නිරතව සිටි අතර, ඔහු අද දිනයේ ලංකාවට පැමිණෙන්නේ ආපසු සිය රට බලා යන ගමනේ දීය.
ඒ අනුව අද දිනයේ පැමිණෙන චීන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට අඟහරුවාදා දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත ය.
එම හමුවේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත චීන ආයෝජන කඩිනම් කිරීම පිළිබදව මෙන්ම නව ආයෝජන රැගෙන ඒම පිළිබදවද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබදවද මෙහිදී සාකච්ඡා කරනු ඇත.



