Homeදේශීයපාස්කු සිද්ධියට 540 ක් රඳවා ගෙන ඉන් 418 ක් නිදහස් කරලා

පාස්කු සිද්ධියට 540 ක් රඳවා ගෙන ඉන් 418 ක් නිදහස් කරලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 21 සිට 2022 අප්‍රේල් 21 දක්වා කාලය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන පුද්ගලයින් පන්සිය හතළිහක් රඳවා තබා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

එම පුද්ගලයින් 540 දෙනා අතුරෙන් අසූ අට දෙනෙකුට අධිකරණයක් ඉදිරියේ චෝදනා එල්ල වී ඇති අතර,නීති උපදෙස් සඳහා ගොනු තිස් හතරක් යොමු කර ඇත.

චෝදනා පත්‍රයක් පිරවීමකින් තොරව නිදහස් කර ඇති රැඳවියන් සංඛ්‍යාව හාරසිය දහ අටකි.

නිදහස් කරන ලද රැඳවියන් අතරින් 93ක් මාස තුනක් 165ක් වසරක්ද,94 දෙනෙක් වසර එකහමාරක් ද,මාස දහ අටකට වැඩි කාලයක් හැට හයදෙනෙකුද රඳවා තබා ගැනීම් හෝ අධිකරණ නියෝග යටතේ සිටි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පිළිතුරේ සඳහන් විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments