හමුදා නිලධාරියෙකු විගණකාධිපති ධූරයට පත් කිරීමට සහය පළ කිරීම හේතුවෙන් ඇති වූ දැඩි විවේචන හමුවේ, ව්‍යවස්ථාදායක සභාවේ (Constitutional Council) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ට දැනුම් දී තිබෙනවා.
පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සඳහන් කළේ, පක්ෂ දේශපාලන මණ්ඩලය (Politburo) විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විගණන අංශයට අනුයුක්ත නිලධාරියෙකු වන ඕ.ආර්. රාජසිංහ විගණකාධිපති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර තිබෙනවා.
ස්වාධීන රාජ්‍ය ආයතන මිලිටරිකරණය කිරීමට එරෙහිව පක්ෂය දරන ස්ථාවරයට පටහැනිව මන්ත්‍රීවරයා ක්‍රියා කර ඇති බවටයි එම පක්ෂය චෝදනා කරන්නේ.



