Homeදේශීයකොළඹ නගරයට කැමරා 400ක් සවිකිරීමට සැරසේ

කොළඹ නගරයට කැමරා 400ක් සවිකිරීමට සැරසේ

කොළඹ නගරයට කැමරා 400ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

මේ වන විටත් 75 කින් හා කැමරා සහිත වෑන් රථ දෙකකින් කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතු කරන බව රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

කොළඹ රථවාහන තදබදය හා ආරක්ෂාව වෙනුවෙන් මෙම කැමරා සවිකර තිබෙන අතර, රථවාහන වැරදි කරන රියදුරන් කැමරා මඟින් හඳුනාගෙන එම වාහනවල රියැදුරන්ට නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක්ද දැනටමත් ක්‍රියාත්මක කෙරේ.

නවීන තාක්ෂණය සහිත කැමරා කිහිපයක්ද ඉදිරියේදී මීට එක් වනු ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන ආකාරයට එමඟින් කොළඹ නගරයේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය මෙන්ම වැරැදිකරන රියැදුරන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම ක්‍රමවත්ව සිදුකෙරේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments