අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12650 කට වඩා ලැබී ඇති බවත්, මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කිරිමක් බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදය සදහන් කරයි.
ශ්‍රී ලංකා CERT හි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොලට අනුව, පැමිණිලිවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම්, හැක් කරන ලද ගිණුම් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදු කරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් වේ.
චාරුක දමුණුපොලට අනුව වෛරී හෝ අපයෝජන අන්තර්ගතයන් සහ වැඩිහිටියන්ගේ ලිංගික හිරිහැර පිළිබඳ අන්තර්ගතයන් ද පැමිණිලි අතර ඉහළ මට්ටමක පවතී. තවද, පුද්ගලයන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු බෙදා හැරීමේ කැපී පෙනෙන වැඩිවීමක් ද මෙහි දක්නට ලැබෙන බව ඔහු පැවසීය. පුද්ගලයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අංක, OTP හා මුරපද සහ QR කේත ආදී පුද්ගලික තොරතුරු ලබාගනිමින් සයිබර් අපරාධකරුවන් මෙලෙස කටයුතු කරන බවද නිරීක්ෂණය වී ඇතැයි එම ආයතනය කියයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදය මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.
සන්නිවේදනය, වෙළඳාම සහ මූල්‍ය කටයුතු සඳහා ඩිජිටල් වේදිකා ඔස්සේ කටයුතු කිරීම සදහා වැඩිවන විශ්වාසයේ වාසිය ලබා ගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් වඩ වඩාත් නවීන හා වංචනික ක්‍රම භාවිතා කරමින් සිටී. විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, එනම් අන්තර්ජාල ආරක්ෂණ ක්‍රියා පටිපාටි පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති තරුණ තරුණියන්, වැඩිහිටි පරිශීලකයින් සහ පළමු වරට අන්තර්ජාල භාවිතා කරන්නන් මෙවැනි වංචාවන්ට ගොදුරු වන පුද්ගලයන් අතර නිතර දක්නට ලැබේ.
අන්තර්ජාලය තුළ සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, සැක සහිත පණිවිඩ සහ සබැඳි සත්‍යාපනය (verify) කරන ලෙසත්, ද්වි-සාධක සත්‍යාපනය (Two factor authentication) සහ ආරක්ෂිත මුරපද වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සක්‍රීය කරන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ . මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ අවම කිරීම පහසු කිරීම සඳහා, සයිබර් සිදුවීම් පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ද ඉල්ලා සිටී.
රට පුරා සයිබර් ප්රහාරයන්ට මුහුණ දීමේ හැකියාව, මහජන දැනුවත්භාවය සහ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, සයිබර් ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සඳහා ජාතික අධිකාරිය වන ශ්‍රී ලංකා CERT, පොලිසිය, නීතිය ක්‍රියාත්මක කරන සංවිධාන, සේවා සපයන්නන් සහ වෙනත් අය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරයි.