පසුගිය වසර අවසන් වන විට මානසික ගැටලු සහ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතතනයට විසඳුම් ඉල්ලා පුද්ගලයින් අටදහසක් දුරකථන ඇමතුම් ලබාදී තිබේ.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ මනෝ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ ප්‍රකාශ කළේ මින් වැඩි දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ කලකිරීම ,තනිවීම , සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම් සම්බන්ධයෙනි .
එසේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය තුළ 1926 දුරකථන අංකයට දිට්වා සුළිකුණාටුවෙන් පසුව සති දෙක තුළදීද දුරකථන ඇමතුම් පන්දහසක් පමණ ලැබි තිබේ .
කෙසේවුවවද යම් අයෙකුට මානසික හෝ සෞඛ්‍ය ගැටලුවක් පවතිනම් 1926 දුරකථන අංකයට ඇමතුමක් දෙන ලෙස මානසික සෞඛ්‍ය විද්‍යාතනය ඉල්ලා සිටියි.
මෙසේ දුරකථන ඇමතුම් ලබාදුන් ඇතැම් පුද්ගලයින් සඳහා අදාළ පළාත්වල රෝහල් තුළ සිටින මනෝ වෛද්‍යවරුන් හට ඔවුන් යොමු කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ මානසික ගැටළු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාතනය පසුවිපරම් සිදුකරමින් සිටින බවද මනෝ විශේෂඥවෛද්‍ය පුෂ්පා රණසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළාය .



