ලාෆ්ස් ගෑස් මිල ගණන් ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත.



