HomeදේශීයHSBC බැංකුව සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත්වීමට තීරණය කරයි

HSBC බැංකුව සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත්වීමට තීරණය කරයි

අවුරුදු 135කට ආසන්න කාලයක් මේ රට තුළ ව්‍යාපාර කටයුතු කළ ජාත්‍යන්තර බැංකුවක් වන HSBC බැංකුව සිය සිල්ලර බැංකු කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. HSBC බැංකුවේ එම මෙහෙයුම් කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව වෙත පැවරීමට ඒ අනුව තීරණය කර ඇත.
කොළඹ කොටස් වෙළඳපල ලයිස්තුගත සමාගමක්වන නේෂන්ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී මේ පිලිබඳව පැහැදිලි කිරිමක් සහිතව කොළඹ කොටස් වෙළෙඳපලට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සැප්තැම්බර් 24 වැනිදා HSBC බැංකුව සමග ඇති කරගත් ගිවිසුමකට අනුව HSBC සිල්ලර බැංකු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යටතට පවරා ගන්නා බවත් මේ බැංකු ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 18කට අධික බවත් එම ලිපියේ දක්වා ඇත.

සැප්තැම්බර් 23 වැනිදා නේෂන්ස් ට්‍රස්ට් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ගනුදෙනුව අනුමත කළ බවත් සියලුම නියාමන අනුපාත පවත්වා ගනිමින් අභ්‍යන්තරව ජනනය කරන ලද අරමුදල් මගින් ඊට අරමුදල් සපයන බවත්, කොටස් වෙළෙඳපලට යැවූ ලිපියේ සඳන්ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments