යාපනයේ වායු දූෂණය අවම කිරීමට හත හැකි සියලු පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද යාපනය මහනගර සභාවට නියෝග කළා.
යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වන උමා සුඛී නඩරාජා විසින් ගොනුකොර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අමතමින් යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් පරිසර නීතිවලට අනුකූලව කටයුතු කර තිබෙනවාදැයි විමසා සිටියා.
ඒ අනුව, අණ පනත්වල සඳහන් විධිවිධානයන්ට අනුව යාපනයේ පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් යාපනය මහනගර සභාවට දැනුම් දුන්නා.
ඒ සඳහා අවශ්‍ය සහයෝගය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබා දිය යුතු බවද සභාපති විනිසුරුවරයා කියා සිටියා.
කසළ සහ රසායනික අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමෙන් සිදුවන වායු දූෂණය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා අදාළ වෛද්‍යවරිය මෙම පෙත්සම ගොනු කර තිබුණා.



