Homeදේශීයජනවාරි සිට ජූලි දක්වා පැමිණිලි 662 ක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට

ජනවාරි සිට ජූලි දක්වා පැමිණිලි 662 ක් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට

මේ වසරේ මුල් මාස හතක කාලයේ දී විදේශ රැකියා ලබාදෙන පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 488.32 ක මුදලක් වංචාකර තිබෙන බවට වාර්තා වී ඇතැයි විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මස 31 දක්වා කාලය තුළ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 662 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබෙන බවද ඒ මහතා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ

“විදේශ රැකියා සඳහා පිටත් කර යැවිය හැක්කේ බලපත්‍රලාභී විදේශ රැකිය ආයතන විසින් පමණයි. එවැනි ආයතනයකින් තොරව පුද්ගලයන් විදේශ ගත කරන්නේ නම් නීතිමය පරිදි කටයුතු කරනවා. දැනට අපිට ඇතැම් විදේශ රැකියා ඒ්ජන්සි සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. ඇතැම් ඒ්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට බාරදී තිබෙනවා. එවැනි ආයතනයක පුද්ගලයෙකුට එරෙහිව වරෙන්තු 11 ක් පමණ නිකුත්කර තිබෙනවා. ඔහුගේ බිරිඳට එරෙහිව ද පැමිණිලි ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම්කිසි සාධාරණයක් කළයුතු වෙනවා. ඊට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාමාර්ග ගන්නවා.

මෙවැනි ආයතන සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් කටයුතු කරනවා. ඊශ්‍රායලය සඳහා බඳවා ගත්තේ යම්කිසි අක්‍රමිකතාවයකටයි. ඒ සම්බන්ධයෙන් වංචා හා දූෂණයන්ට විරුද්ධව විමර්ශන සිදුකරනවා. ඒ විමර්ශනය මේ වනවිට අවසන් අදියරයට පැමිණ තිබෙනවා. තැන් තැන්වල මුදල් එකතු කරන බවටත් අපිට වාර්තා වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ද කටයුතු කරනවා. නීති විරෝධීව කටයුතු කරන තෙවැනි පාර්ශවයට එරෙහිව ද අපි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments