බස් රථ ඇතුළු වාහනවල අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන පැවසීය.
මේ අනුව දිවයින පුරාම පොලිස් ස්ථාන මගින් එවැනි වාහන සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දී තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවය.
මගීන් 15 දෙනෙකුට මරු කැඳවමින් තවත් 17 දෙනෙකුට තුවාල සිදුකළ ඇල්ල බස් අනතුර ඇතුළු පසුගිය කාලයේ ආසන්න වශයෙන් වාර්තා වූ අනතුරු සැලකිල්ලට ගනිමින් අනතුරුදායක අන්දමින් සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුව සඳහන් කළේ වාහනයේ ආකෘතියෙන් පිටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වෙනස් කළ වාහන ධාවනය කිරීමට නොහැකි බවය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිර්ණායක රැසක් යටතේය. බස් සහ ත්‍රිරෝද රථවල ඇතැම් අලංකරණ සිදු කිරීමට හැකියාව අවසර දී ඇත. ඇතැම් අලංකරණ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගාස්තුවක් ද ගෙවිය යුතු වේ.
එමෙන්ම විනෝද චාරිකා සඳහා යොදාගන්නා බස් රථ නවීකරණය සඳහා නිර්ණායක 22කට අවසර හිමිව ඇත.
බස් රථයේ පැති කණ්ණාඩි සවිකිරීමේදී අනුමත සීමාවෙන් ඉවතට නොයන ලෙස රවුම් බට පමණක් භාවිත කළ හැකි අතර තියුණු උල් සහිත කොටස්, බෝල, අමතර පහන් ආදිය සවි නොකිරීම, බස් රථයේ නළාව සවිකිරීමේදී මෝටර් වාහන පනතට අදාළව සවිකිරීම, රෝදවලට රිම් කප් සවිකිරීමේදී පිටතට නෙරා සිටින සේ හෝ බාහිරට අනතුරුදායකවන ලෙස සැකසීමක් නොකිරීම, බඳෙහි ආලෝක රටා සහිත විදුලි පහන් සවිකිරීමට රුපියල් 20,000ක ගාස්තුවක් ගෙවිය යුතු අතර එම අවසරය විනෝද චාරිකා සඳහා යොදාගන්නා විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සඳහා පමණක් සීමා වීම, රුපියල් 10,000ක ගාස්තුවකට යටත්ව එවැනි බස් රථවල පමණක් ඇතුළත ආලෝක රටා පද්ධති සවිකිරීමට හැකි, ඇතුළු නිර්ණායක 22 ක් ඊට ඇතුළත්ය.
මීට අමතරව ත්‍රිරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය කිරීම නිර්ණායක 15 යටතේ සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී ඇත.
මෙම නිර්ණායක සම්බන්ධයෙන් හා තහනම් සවිකිරීම් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් බවද ඒ සම්බන්ධයෙන් නීතිමටය පියවර පොලිසිය විසින් ගනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරිකයකු පැවසීය.