Homeදේශීයරනිල්ගෙන් පොතක්.

රනිල්ගෙන් පොතක්.

සාරයක් රහිතව ඉපදෙන අපි , ආත්මය සාරයකින් පුරවා ගනු වස් විවිධ දේ කරති . නමුත් ඒ කිසිවකින් පූර්ණ තෘප්තිමත්භාවයට පත් නොවීමට ද අපි අවිඥනිකව වගබලාගනිමු . ඒ මිනිස් ගතියයි .
සාර්ථක අසාර්ථක වීම් නොබලා තවත් දෙයකට අප පොළඹවන මාවත වැටී ඇත්තේ ඒ ඔස්සේය .
මේ ඒ මාවතේ පියවර නගනු හැර අන් යමක් නොවේ .

නවකතාවක් උදෙසා වරින් වර ගනු ලැබූ උත්සහයන් අත්පිටපත් වලට පමණක් සීමා වී පැත්තකට වෙද්දී වසර පහක පමණ කාලයක් ජීවිතය ගෙවුණු හන්තාන පාමුල වර්ණවත් භූමිය කේන්ද්‍ර කරගෙන වෛද්‍ය රනිල් ජයසිංහ ලියූ තරමක් අමුතු තාලයේ කථාවක් TOTEM ( ටෝටම් ) යන නමින් නවකතාවක් ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත්තේ හේෂාන් ජේ පීරිස් මහතා ප්‍රධාන @KBOOKS ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය හරහාය .

සැප්තැම්බර් මැද සිට මුද්‍රිත පිටපත් ලබාගත හැකි කෘතිය සඳහා පෙර ඇණවුම් හෙට දිනයේ සිට භාර ගැනීමට KBOOKS ආයතනය කටයුතු යොදා ඇත .

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments