Homeදේශීයවැඩ තහනම් කරන ලද අධිකරණ නිලධාරීන්10 දක්වා ඉහළට

වැඩ තහනම් කරන ලද අධිකරණ නිලධාරීන්10 දක්වා ඉහළට

විෂමාචාර චෝදනා ලැබූ තවත් දිසා අධිකරණ විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ් අනුව මේ මාසයේ වැඩ තහනම් කරන ලද මුළු අධිකරණ නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

ඒ් අතර සිදුකරන ලද විශේෂ විමර්ශනයකින් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගම්පහ ප්‍රදේශයේ සේවය කරන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට අකාර්යක්ෂම කාර්ය සාධනය පිළිබඳ චෝදනා මත විශ්‍රාම යාමට නියෝග කර ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් ඔහුගේ විශ්‍රාම වැටුප් පත්‍රිකා යවා ඇති බව වාර්තා වේ.

මේ අතර, චෝදනා එල්ල වන විෂමාචාර සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ සඳහා දිසා විනිසුරුවරයා සහ මිනුවන්ගොඩ අතිරේක දිසා විනිසුරුවරයා යන දෙදෙනාම විනිසුරු ආයතනයට කැඳවා ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments