Homeදේශීයශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම ජූලි මාසයේ

ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ වැඩිම ආදායම ජූලි මාසයේ

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලබා ගත් වැඩිම රේගු ආදායම ගිය මාසයේ ලබා ගත් බවත් එම ආදායම රුපියල් බිලියන 235ක් බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් බී.බී සරත් නෝනිස් හෙළි කළේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ආනයන අපනයන කටයුතු පහසු කරවීම සදහා රේගුව විසින් නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම් දීමේ පද්ධතිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම සිදුවූ අවස්ථාවේදී ය.

එහිදී ඔහු මෙසේ ද පැවසුවේය.

මේ අවුරුද්දේ අපට තියන ඉලක්කය වන රුපියල් බිලියන 2215ක දැවැන්ත ඉලක්කයක්. අපි සතුටුයි කියන්න මේ වනවිට ශ්‍රි ලංකා රේගුව විදිහට අපි රුපියල් බිලියන 1351 ලබාගෙන තියනවා. මේක ගිය මාසේ එනම් ජූලි අන්තිම වෙනකොට අපට තිබිච්ච ඉලක්කය ය බිලියන 1110යි. නමුත් අපි බිලියන 1231ක ඉලක්කය ලබා ගත්තා. මේ මාසයේ අන්තිම වනවිට අපට තියෙන්නේ බිලියන 1300ක ඉලක්කයක්. නමුත් අද වනවිට අපි බිලියන 1351ක් උපයලා තියනවා.

අපි ඇත්තටම සතුටු වෙනවා මේ මාසය අවසන් වනවිට රුපියල් බිලියන 125කට වඩා වැඩි ප්‍රමාණයක් ඉලක්කගත ආදායමට වඩා ලබා ගන්න අපට පුලුවන් වෙනවා. මම ඒ ගැන ඉතාම ආඩම්බර වෙනවා විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්ය මණ්ඩලය මේ සඳහා දක්වන දැවැන්ත උත්සාහය සහ කැපවීම ගැන. ගිය මාසේ අපේ මාසික රේගු ආදායම වුනේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්‍රි ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 100 ඉක්මවපු වෙලාවේ අපි දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා මාසයකට කියලා. නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිත් තියනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments