Homeදේශීයබෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයේ කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක එම ධුරයෙන් ඉවත් කර තිබේ.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, කැබිනට් මණ්ඩල යෝජනාවක් මගින් ඔහු ඉවත් කළ බවයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ප්‍රේමසිරි රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරී මාසයේදී ය.

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා පත් කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments