Homeදේශීයඉලංගෙයි තමිල් අරසු කච්චි නායක ශ්‍රීදරන්ට අයථා වත්කම් චෝදනා

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක ශ්‍රීදරන්ට අයථා වත්කම් චෝදනා

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක යාපනය දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන්ට එරෙහිව නීති විරෝධී වත්කම් ඒකකයට සිවිල් බුද්ධි පෙරමුණ පැමිණිල්ලක් සිදුකලා.

ඒ ඔහු දේශපාලන බලය පාවිච්චි කරමින් විශාල අයථා වත්කම් තොගයක් උපයා ඇති බවට චෝදනා කරමින්.

සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පෙන්වා දුන්නේ 2010 වසරේදී විදුහල්පතිවරයෙක් ලෙස දේශපාලනයට පිවිසි ශ්‍රීදරන් මන්ත්‍රීවරයා මේ වනවිට දැවැන්ත ධනපතියෙක් වී ඇති බවයි.

ශ්‍රීදරන්ගේ බිරිඳට සහ දියණියගේ නමටද විශාල දේපළ ප්‍රමාණයක් ඇති බවයි සිවිල් බුද්ධි පෙරමුණ පෙන්වා දුන්නේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments