Homeදේශීයපෝලන්ත විදේශ ඇමති අනිද්දා මෙරටට

පෝලන්ත විදේශ ඇමති අනිද්දා මෙරටට

යුරෝපා සංගම් සභාපතිත්වය නියෝජනය කරමින් පෝලන්ත විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව පෝලන්ත විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි 28වනදා සිට 31වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ඔහු සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ ක්‍රම සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිතව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments