Homeදේශීයදළදා දැක්මේ අඩුපාඩු ගැන වාර්තාවක් සකසයි

දළදා දැක්මේ අඩුපාඩු ගැන වාර්තාවක් සකසයි

ශ්‍රී දළදා වන්දනා පූජෝත්සවය සංවිධානය කිරීමේදී ඊට දායක වූ සියලු පාර්ශ්වවලින් අදහස් ලබා ගනිමින් ඒ හා සම්බන්ධ අවසන් වාර්තාවක් සකස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන් පවසයි.

ඉදිරියේදී මේ ආකාර මහ පරිමාණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු අවම කර ගනිමින් සංවිධාන කටයුතු සිදු කිරීමට මෙම වාර්තාව වැදගත් වනු ඇතැයි ද ඔහු කීය.

මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය අභයකෝන් මේ බව පැවැසුවේය.

දළදා වන්දනාව ආරම්භ වී දින කිහිපයක් ගත වෙද්දී අනපේක්ෂිත සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට ඒකාරාශි වූ බවත් එහිදී සංවිධායකයන් තීරණ ගැනීමට යෑමේදී යම් යම් දුෂ්කරතාවන්ට මුහුණදුන් බවත් කී ආණ්ඩුකාරවරයා නැවත මෙවැන්නක් සංවිධානය කිරීමේදී ඒ ආකාර යමක් නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වාර්තාව සකස් කිරීමේදී අවධානය යොමු කරන බවත් අවධාරණය කළේ ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments