Homeදේශීයරජයට රුපියල් බිලියන 60ක බදු ආදායමක් අහිමිවෙයි.

රජයට රුපියල් බිලියන 60ක බදු ආදායමක් අහිමිවෙයි.

උපයනවිට බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 18 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 60 ක පමණ බදු ආදායමක් අහිමි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වසරේදී (2025) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රජය ලබාදී ඇති බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත පැවසීය.

බදු ජාලය පුළුල් කර බදු නොගෙවන පිරිස බදු දැලට හසුකර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව බදු ආදායම ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීමට නියමිත බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments