Homeදේශීයදේශබන්දුට අධිකරණයට අපහාස කළැයි නඩුවක්.

දේශබන්දුට අධිකරණයට අපහාස කළැයි නඩුවක්.

වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙනවා.

ඒ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනි.

අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට අපහාස කිරිමේ පනත හා අධිකරණ සංවිධාන පනත යටතේ වරදක් සිදු කළ බව පවසමින් දේශබන්දු තෙන්නකෝන් හට මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ වඟඋත්තරකරුවන් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාත්,ඔහු දහවනදා පිටව ගිය වාහනයේ රියදුරු මහතාත් නම් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ දි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය දහවනදා ඇප ලබා සිය නිලරථයෙන් අධිකරණ භුමියෙන් පිටවයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුව අද කැඳවුවා.

එම අවස්ථාවේ නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා දීර්ඝ ලෙස කරුණු දැක්විමක් සිදු කරනු ලැබුවා.

මේ සඳහා ඇප ලබාදිය හැකි බවත්මෙය හිතාමතා සිදු නොකල බවත් දේශබන්දු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පැවසුවා

මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පැවසුවේ අධිකරණයේ තිබෙන්නේ මහජනතාවගේ බලය බවත් එය මහජනතාවගේ බලයට අභියෝග කිරිමක් බවයි.

ඒ අනුව මිනිත්තු 40කින් ඇප නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දි තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments