Homeදේශීයපාස්කු ප්‍රහාරයට වසර හයයි

පාස්කු ප්‍රහාරයට වසර හයයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක්.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ ශ්‍රී ලංකාවේ කිතුනු පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණා.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරයට වසර 6ක් ගත වීම නිමිත්තෙන් මියගිය පිරිස් සිහිකිරිමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන ආරම්භ කෙරිණ.

ඊට සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගීවිය.

උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාදකිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදුකෙරින.

පස්වරු 5.30ට ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස වතිකානයේ ශුද්ධාශනය විසින් පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේවමෙහෙය පැවැත්වීමට නියමිත බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.

මේ අතර, අද දිනයේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිකිරීම නිමිත්තෙන් කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments