පාකිස්තානය විසින් දස දහස් ගණනක්, ඇෆ්ගන් වැසියන් පිටුවහල් කර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ, පාකිස්තානය මේ මාසයේ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් 19,500 කට වැඩි පිරිසක් පිටුවහල් කර ඇති බවයි.
එමෙන්ම මාර්තු මස අග සිට පාකිස්තානය ඇෆ්ගන් ජාතිකයන් 80,000 කට වැඩි පිරිසක් නෙරපා හැර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් තලේබාන් පරිපාලනයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, “පාකිස්තානයේ, ඇෆ්ගන් සංක්‍රමණිකයින්ගේ තත්ත්වය සහ ඔවුන් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම පිළිබඳව ඔහු දැඩි කනස්සල්ල සහ දුක ප්‍රකාශ කළ” බවයි.
තලේබාන් පරිපාලනය පෙන්වා දෙන්නේ, පාකිස්තානය ලේඛනගත නොකළ ඇෆ්ගනිස්ථාන ජාතිකයින් සහ තාවකාලිකව රැඳී සිටීමට අවසර ඇති අය නෙරපා හැරීමේ මෙහෙයුම වේගවත් කර ඇති අතර, තවදුරටත් එයට මුහුණ දිය නොහැකි බවයි.