Homeදේශීයඅල්ලස් නඩු 50ක් ගොනුකෙරෙයි.

අල්ලස් නඩු 50ක් ගොනුකෙරෙයි.

මේවනවිට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් නුදුරේදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇති විත්තිකරුවන්ගෙන් බහුතරයක් රජයේ නිලධාරීන් වන අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව ආරංචි මාර්ග පවසයි.

මෙසේ ගොනු කිරීමට නියමිත නඩු අතරට අධිචෝදනා ගොනු කර නොතිබුණද කලකට පෙර අවසන් කර තිබූ විමර්ශන කිහිපයක්ද ඇතුළත් බව වාර්තා වන අතර කොළඹ මහාධිකරණය හමුවේ එම අධි චෝදනා ගොනු කිරීමට නියමිතයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments