Homeදේශීයදුම්රිය, බස් ධාවනය අද සිට සුපුරුදු පරිදි

දුම්රිය, බස් ධාවනය අද සිට සුපුරුදු පරිදි

අවුරුදු චාරිත්‍ර අවසන් වීමෙන් පසු ඊයේ දිනයේ බොහෝ මාර්ග වල බස් ධාවනය ඉතාම අඩු මට්ටමක පැවතිණි.

මේ නිසා ඊයේ දිනයේ නෑගම් ගිය ජනතාව බස් රථ නොමැති වීමෙන් අපහසුතාවයකට පත්ව ඇත.

මේ නිසා මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

අනිද්දා දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

මේ අතර අද සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments