Homeදේශීයවැරදි නොකරපු අය නෑ.එස්.එම්.මාධ්‍යයට කතා කරයි

වැරදි නොකරපු අය නෑ.එස්.එම්.මාධ්‍යයට කතා කරයි

සහෝදරයා හා තම බිරිඳ සිරගත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන බවත් අධිකරණයේ ස්වාධිනත්වයට ගරු කරන බවත් ඔහු පවසා සිටියා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

”නිති සම්පාදනය කරන්න අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉදලා උදව් කරපු කෙනෙක් මම.ඒ වගේම අධිකරණයේ නඩු තීන්දුව දෙනකොට විනිසුරුතුමා ප්‍රකාශ කළා මෙම තින්දුව පිළිබද සෑහිමකට පත් වෙන්නේ නැත්තන් අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුලුවන් කියලා .ඒ අනුව දැනට අපි සහනයක් ඉල්ලලා තියනවා.ඒ කටයුතු කෙරෙයි කියලා හිතනවා.සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා…….අපිට විවේචනය කරන්න බැහැ කරන්නෙත් නැහැ..සමහර අය මේ වගේ දෙයක් උනාම අපිව සමච්චලේට ලක්කරනවා.විහිලු කරනවා….දේශපාලනේ කරන හුගක් දෙනෙක්ට මේකට මුහුණදෙන්න වෙලා තියනවා….ලාල්කාන්ත මහනුවර රැස්විමකදි කිවුවා වැරදි නොකරපු කෙනෙක් මෙතන ඉන්නවනම් අත උස්සන්න කිවුවා.කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ…දේශපාලනේ කරනකොට හරි වෙනත් වැඩ කරනකොට සුලු සුලු අඩුපාඩුකම් වෙනවා……අධිකරණ තීන්දු දුන්නම සමච්චල් කරන එක නෙමෙයි සියලු දෙනාටම අෂ්ඨලෝකෙ ධර්මේ හැටියට සියලු දෙනාටම මේවට මුහුණ දෙන්න වෙනවා.තව කතාවක් තියනවනේ කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි කියලා.ඒවා නොදන්න අය අපිව සමච්චලේට ලක් කරනවා අපිට මේව හොදට හුරුයි….”

RELATED ARTICLES

Most Popular

Recent Comments