Homeදේශීයජාත්‍යන්තර කාන්තා දින සැමරුම පාර්ලිමේන්තුවේ

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම පාර්ලිමේන්තුවේ

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළකලේ අද පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.

මෙහිදී තවදුරත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරිය, දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් තමන්ගේ වෘත්තීන් රැකගැනීමටත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම අයිතිවාසිකම් රැකගැනීමටත් දෛනිකව අරගල කරමින් සිටින බව පැවසුවාය. සමාජය ආබාධයට ලක්ව සිටීම හේතුවෙන් මෙලෙස එම කාන්තාවන්ට අරගල කිරීමට සිදුව ඇති බවත් එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුව මැදිහත්වී කටයුතු කරන බවද පැවසුවාය.

අනතුරුව මෙහිදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ සාමාජිකාවන් විසින් අග්‍රාමාත්‍යතුමිය සහ මන්ත්‍රීවරියන් ඇතුළු පිරිස සඳහා 2025 ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් නිර්මාණය කෙරුණු කොඩි පැළඳවීම සිදුකළහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments