Homeදේශීයආයතන 22,450ක් රුපියල් බිලියන 35ක් ගෙවල නෑ

ආයතන 22,450ක් රුපියල් බිලියන 35ක් ගෙවල නෑ

සේවක අර්ථසාධක අරමුදලට දායකත්ව මුදල් ගෙවිය යුතුව තිබෙන ආයතන සංඛ්‍යාව 22,450 ක් බව කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට මෙම පිළිතුර ලැබී ඇත.

මේ වසරේ පෙබරවාරි 28 වන දින වන විට සේවක අර්ථසාධක අරමුදලට ආයතන මගින් ගෙවිය යුතුව තිබෙන දායකත්ව මුදල රුපියල් බිලියන 34.99කි.

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරාවිදුණු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හතළිහක් සහ උපකම්කරු කාර්යාල 11ක් මගින් හිඟ සේවක අර්ථසාධක අරමුදල් අය කරගැනීම සම්බන්ධව කටයුතු කරනු ලබන බව සඳහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments