2025 අයවැය මගින් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ අපේක්ෂා බිඳවැටී ඇති බවත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය කඩිනමින් විසඳීමට රජය කටයුතු නොකරන්නේනම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවත් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගෙන් වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ මෙයට පෙර පරිපාලන බලධාරීන් පොරොන්දු වූ පරිදි වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාළ යෝජනා මාර්තු 04 දින පැවැත්වෙන අයවැය තුන්වන වර කියවීමේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී අදාළ යෝජනා ඇතුලත් කර පොරොන්දු වූ පරිදි වැටුප් සංශෝධනය මගින් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.
කළමනාකාර සේවා නිලධාරීන් විසින් ඉටුකරණ කාර්යභාරයට සාපේක්ෂව දැනට ලබන වැටුපට වඩා වැඩි වැටුපක් හිමිවිය යුතු බවත්, ඒ අනුව MN 3 වැටුප් පරිමාණය නිර්දේශ කරන බවත්, PA/CS/POLICY/ව්‍යවස්ථා සංශෝධන (වෙළුම II ) හා 2021.08.11 දිනැති ලිපිය මගින් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සහ එවකට පැවති ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත නිර්දේශ කර ඇතත් අදාළ වැටුප් විෂමතාවය මෙතෙක් නිවැරදි වී නොමැත. 2025 අයවැය යෝජනා වලදීද මෙම වැටුප් විෂමතාව සම්බන්ධ ගැටළුව මගහැරයාමට කටයුතු කර ඇති අතර, මෙමගින් ද එම අපේක්ෂා බිඳ වැටෙන්නේ නම් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතාවයට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට වෘත්තීය සමිති වලට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කරයි.