Homeදේශීයඉදිරියේදී නීතිඥයිනුත් පරීක්ෂා කිරීමට තීරණය කෙරේ

ඉදිරියේදී නීතිඥයිනුත් පරීක්ෂා කිරීමට තීරණය කෙරේ

ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර සියලුම නීතීඥවරුන් පරීක්ෂාවකට ලක්කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

නීතීඥයකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර, සීසීටීවී දර්ශනවලින් ද මේ වනවිට එම සැකකරු හඳුනාගෙන තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අධිකරණ සංකීර්ණයේදී ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ
අද සිදුවූ වෙඩිතැබීමේදී සැකකරුවන් උසාවි පරිශ්‍රයේදී නීතීඥවරුන් පරීක්ෂාවට ලක්නොවීම ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙන්වා දුන් පොලිස්පතිවරයා පැවසුවේ ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර නීතිඥවරුන් ද පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගන්නා බවයි.

මේ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ද ඉල්ලා ඇති බව වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments