Homeදේශීයසැකකරු හඳුනා ගෙන

සැකකරු හඳුනා ගෙන

ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයාගේ මරණයට හේතු වූ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තැබීමේ සිද්ධියේ සියලු සැකකරුවන් හඳුනාගෙන ඇති බව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පවසයි.

සිද්ධියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මේ වන විට පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උණ්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා තිබෙනවා.

සියලු අධිකරණවල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබෙනවා.

සිද්ධිය උදෑසන සිදුවූ අතර මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියා.

පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments