Homeදේශීයඅයවැයට කැබිනට් අනුමැතිය

අයවැයට කැබිනට් අනුමැතිය

2025 වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ විවාදය හෙට සිට මාර්තු 25 දක්වා පැවැත්වෙනවා.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 27 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අයවැය අවසන් වර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මාර්තු 21 වැනිදා පස්වරු 6.00ටයි.

මෙම වසරේ රජයේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,218ක්.

පසුගිය වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6,978ක් වූ අතර ඒ අනුව මෙවර රජයේ වියදම රුපියල් බිලියන 2760කින් අඩු කර තිබෙනවා.

අයවැය සදහා අනුමැතිය ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලය අද උදෑසන රැස්වීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments