නීතිපති විසින් පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ මෙහි විමර්ශන තවමත් අවසන් වි නොමැති බවයි.
තවද ලසන්ත ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු නොවන ඔහුගේ රියදුරු 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අවස්ථාවේදී 2009 වසර අග භාගයේදී තමා පැහැර ගැනිමකට ලක්වූ බවට දැනුම් දී තිබෙන බවත් ඒ අනුව විමර්ශන ආරම්භ කළ බවත් සඳහන්.
එම විමර්ශනයේ දී සැකකරුවකු ලෙස නම් කරන ලද ප්‍රේමනාත් ආනන්ද උදලාගම යන අයව අපරාධ චෝදනා ගොනු කිරිමට තරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවිම නිසා නිදහස් කිරිමට තීරණය කළ බව නීති පති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
තවද එම නිවේදනයේ සඳහන් වන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ලේඛන අස්ථාන ගතවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෙටිට්ආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අයවද ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවිම නිසා නිදහස් කිරිමට තීරණය කළ බවත් එය නව සාක්ෂි හෙළිදරව් කිරිමට මෙන්ම අපරාධ චෝදනා ගොනු කිරිම සලකා බැලිමට බාධාවක් නොවන බවයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව අංක B 92/2009 දරන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ගත් තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමට ඉඩ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින බව පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
නීතිපතිවරයා මහජන ක්‍රියාකාරිකයෙකු වන බැවින් ඔහුගේ තීරණ සඳහා මහජනතාවට වගකිව යුතු වුවද, අපරාධ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා අර්ධ අධිකරණ කාර්යභාරයක් ඉටු කරන බව සැලකිල්ලට ගත යුතු බවත් එබැවින්, විමර්ශන අධිකාරිය විසින් ලබා ගත හැකි සහ ඉදිරිපත් කරන ලද කරුණු මත පදනම්ව සැකකරුවෙකුට චෝදනා එල්ල කළ යුතුද නැද්ද යන්න නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව එම සංගමය අවධාරණය කර තිබෙනවා.
එම සංගමය තවදුරටත් පවසා ඇත්තේ, අපරාධ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීරණ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන බලධාරීන් විසින් සමාලෝචනය නොකළ යුතු බව දැඩි ලෙස විශ්වාස කරන බවයි.
ඒ,එම ක්‍රියාව නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වයට හානි කර තත්වයක් හේතුවෙන් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා.