Homeදේශීයආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට

ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට

ආනයනික ලුණු තොග අද සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසනවා.

ඒ අනුව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදුකළා.

එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

කෙසේවෙතත්, මෙම ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර එය එළැඹෙන මාර්තු මාසයෙන් පසු යළි පැවතී මිලටම ගෙනඒමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments