Homeදේශීයඅයවැයට ඡන්දය නොදුන් මන්ත්‍රීවරු කවුද

අයවැයට ඡන්දය නොදුන් මන්ත්‍රීවරු කවුද

දින හතක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදය අවසන් වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරිණ, එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබේ. ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු වැළකී නොසිටි අතර, සමස්ත මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 217 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඡන්දය ප්‍රකාශ කිරිමට නොපැමිණි පිරිස අතර මාලිමා මන්ත්‍රීවරයෙක් ද වේ.

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 97කින් සම්මත විය.

විපක්ෂය නියෝජනය කරන සර්වජන බලය දිලිත් ජයවීර, සජබ නයන වාසලතිලක සහ බී.ආරියවංශ කම්කරු පක්ෂයේ කාදර් මස්තාන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන සහ එකසත් ජාතික පක්ෂයේ ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරුන් සහ ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් ඡන්ද විමසීමේ අවස්ථාවේ සභාගර්භයේ සිටියේ නැත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments