මුරුසි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස වෙඩෙකර් ශර්මා රාම්පූර්ටාබ් මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වෙතින් පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මුරුසි මිත්‍රත්ව සංගමයේ මාධ්‍ය හමුවකට සහභාගි විය.
එම හමුව පැවැත්වුණේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී.
ශ්‍රී ලංකා මුරුසි සබඳතාවල ඉදිරි ගමන සහ දෙරට අතර සහයෝගීතාවය මෙමගින් පිළිබිඹු වන බව මිත්‍රත්ව සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
ඇහැලේපොළ නිළමේ වරයාගේ මරණය වෙනුවෙන් ඉදිවූ ස්මාරකයක් පවා මුරුසියේ ඉදිකර ඇති අතර දෙරට අතර සබඳතාවය ඓතිහාසික බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.
ශ්‍රී ලාංකිකයන් තුන්දහසක් පමණ එරට රැකියාවල නිරත වෙමින් ජීවත්වෙයි.ධීවර සෞඛ්‍ය වැනි ක්ෂේත්රයන්හි කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා පවතින බව මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට මුරුසි ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



