සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (Prevention of Organised Crime Bill).
රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill).
මෙම පනත් දෙක හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවත්, ඒවා භාවිත කරමින් ආණ්ඩුව තම බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල විය.
මෙම පනත් දෙකම පිළිබඳව වූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිට විභාග කර අවසන්.
අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය රහසිගතව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කර ඇත.
එම තීරණ ඉදිරි දින කිහිපය තුළ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලබයි.
රටේ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීම වැනි අරමුණු තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පුද්ගල නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබෙනවා.
එම පනතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඉදිරියේ ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස භාවිත කිරීම, ‘බරපතළ අපරාධ’ යන වචනයේ පුළුල් අර්ථ දැක්වීම සහ ඇප හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ අධිකරණයේ අභිමත බලය සීමා කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් කොමිසම ප්‍රශ්න මතු කර තිබෙනවා.
ඒ අනුව එම පනත් කෙටුම්පත ඉවත් කර සංශෝධනය කිරීම නිර්දේශ කර ඇති බව කොමිසමේ නිල නිවේදනයේ සඳහන්.
එමෙන්ම රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) ද කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
එම කාර්යාලයේ අදහස වන්නේ, ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම, රඳවා තබා ගැනීමේ බලතල සහ අධිකරණ අධීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් සැලකිය යුතු සංශෝධන අවශ්‍ය බවයි.
මෙම නීති කෙටුම්පත් පිළිබඳ විරෝධතා පවතින අතරතුර, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බව දැනුම් දී තිබෙනවා.
2026 නොවැම්බර් 9 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබුණේ, අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 26ක් ගොනු කර තිබෙනවා.
අනෙක් පසින් ආණ්ඩුව සඳහන් කරන්නේ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා වෙනම නීතිමය රාමුවක් අවශ්‍ය බවයි. ත්‍රස්තවාදය සම්බන්ධ නීතිය භාවිත කරමින් සාමාන්‍ය සංවිධානාත්මක අපරාධ සැකකරුවන් රඳවා තැබීමේ ක්‍රමවේදයෙන් ඉවත් වීම ද නව පනතේ අරමුණක් බව ආණ්ඩුව මීට පෙර පැහැදිලි කර තිබුණා.
ඒ අනුව මෙම පනත් දෙක සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු ඉදිරි පාර්ලිමේන්තු සංශෝධන සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳෙන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් මතුවෙයි.
මාධ්‍ය හමුවකදී අල්ලසක් ඉල්ලා සිටින බවට සැක කෙරෙන පළාත් පාලන ආයතනයක ප්‍රධානියෙකුගේ සිදුවීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අවධානයෙන්.
අවසානයේ මතුවන ප්රශ්නය බලයද? ජනතා නිදහසද?
වත්මන් ආණ්ඩුවේ නීතිමය සහ දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වාසය හා වගවීම සම්බන්ධ ප්රශ්නයයි.
අධිකරණ පුරප්පාඩු පිරවීම, විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු පිළිබඳ විනිවිදභාවය, ආගමික නිදහස සහ නව නීති මගින් පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන කරුණු කිසිවක් සුළුකොට තැකිය නොහැකියි.
අනෙක් පසින් සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේදී රජයකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ප්‍රතික්ෂේප කළ නොහැකියි.
නමුත් එවැනි නීති සම්පාදනය කරන විට ඒවා අනිසි ලෙස භාවිත නොවන බවට සහතික කිරීමත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අත්‍යවශ්‍යයි.
දේශපාලන පක්ෂයකින් එල්ල වන චෝදනා පමණක් නොව, නීතිඥ සංගම්, මානව හිමිකම් ආයතන සහ අනෙකුත් ස්වාධීන පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු ද සලකා බැලීම ආණ්ඩුවේ වගකීමක්.
අවසානයේ බලය තහවුරු කරගැනීමකට වඩා රටක ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය සහ පුරවැසි නිදහස ආරක්ෂා කිරීම ඕනෑම පාලනයක මූලික වගකීම විය යුතුයි.



