මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ශ්රී ලංකාවට සිදුව ඇති බලපෑම පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන අතර, අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබයි.
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණද, එම යෝජනාව සංශෝධනය කිරීමට විපක්ෂය එකඟ නොවීම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කර තිබේ.
ඒ වෙනුවට මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත



